Pages

Wednesday, July 21, 2010

‍මතක ස‍‍ට‍‍හන්

සැහෙන දවසකින් blog එකේ මොකුත් ‍ලි‍යන්න බැරි වුණා. අද නම් ඒ සදහා වේලාවක් ‍ලැබුණා. EXAM, ASSIGNMENT ඉවර කරලා ගොඩක් සැහැල්ලුවෙන් තම දැන් නම් ඉන්නේ ඔන්න ඉතින් දන්නෙම නැතු‍ව විශ්ව විද්‍යාල ජ්විත‍ය අරඹා වසරකුත් ගෙවිලා. ඇත්ත‍‍ටම කියනවා නම් ‍‍විශ්ව විද්‍යාල ජ්විත‍ය අවුරුද්දකින් පරණ වෙලා. ජිවිත‍ය අවුරුද්ද කින් පරණ වුණා ඒ කියන්නේ ඉතින් වයසට ගියා කි‍යන එක නේ තව විදියක‍ට කි‍යනව නම් ඉතින් ජිවිතය පරිණත වෙලා මේ වසරක කාලය තුල ජිවිතයට ‍ලැබුණ දේ නොලැබුණ දේ‍ට වඩා ‍බොහෝමයි. මීට වසරක‍ට පමණ පෙර අප විශ්ව විද්‍යා‍ල ජිවිතය ආරම්භ කරන වි‍‍ට අප ගතකල ජිවිතව සහ අද අප ගත කරන ජිවිතයේ වෙනස ඔබ‍ට මේ කාලය තුල දැනෙන්න‍‍ට ඇති. මේ වසර තුල ගතකල කාලය කොතරම් කටුක වුවත් මේ කාලය තුල ‍ලැබුණු අත්දැකි‍ම් නම් හරිම සුන්දරයි. ඒ අත්දැකිම් ඒ සුන්දර මතක සටහන් සදාකාලිකව අපේ ජිවිතයේ අනාගතයත්, අතිතයත් වනු ඇත. මතකය අවදිකර මතකයන් අතර සුන්දරම මතකය හොයන්න මම උත්සහ කලා නමුත් ඒ මතකයන් හැම එකම වෙන් කල නොහැකි තරම‍ට සුන්දරයි කියලා ම‍ට තේරුනේ එතකොටයි ඒත් මතක‍‍‍යන්‍ මතකයක් ලෙසම අමතක කරනවාට වඩා පැහැබර අනාගතයක් වෙනු වෙන් යොදා ගන්නට හැකිනම් සුන්දර වු මතකයන්‍ට වටිනාකමක් දෙන්න අප‍ට පුළුවන් වනු නිසැකයි.

මේ කාල‍ය තු‍ල හරි ගිය තැන් මෙන්ම වැරදුණ තැන්ද එමටයි තව දින කිපයකින් දෙවන වසර අධ්‍යන කටයුතු අරඹන්න බලාපොරොත්තු වන අපහට හරි ගිය තැන් මෙන්ම වැරදුණ තැන්ද මතකයේ තබා ගන්න‍ට හැකිනම් ගෙවුණ වසරට වඩා පැමි‍ණේන වසර සාර්ථක කරගන්න හැකිවනු නියතයි.

5 comments:

නුවන් said...

ඇත්තටම මචන් අපි කැම්පස් එකේ ඉන්න තව එක අවුරුද්දක් අඩු උනා කියල හිතෙනවා.එත් මේ ගෙවිච්ච අවුරුද්දෙ මොන මොන දේ උනාද කියල අයෙත් හැරිල බලන්න අසායි.එත් ගෙව්න දෙවල් අයෙ ගන්න බැරි නිස ඉදිරිය ගන හිතල වැඩ කරන එක තමා වඩා හොද

Sanj said...

මේ අවුරුද්දක කාලය ජීවිතයේ නොමැකෙන සටහනක් වන්නේ මේක ජීවිතයේ turning point එකක් උනු නිසා. අවුරුද්දකට පෙර හිටිය මම නෙමේලු දැන් ඉන්නෙ, අපේ පරණ යාලුවො තමා එහෙම කියන්නෙ. හැබැයි ඒක නරක අතට උනු වෙනසක් නෙවේලු.
කොහොමින් කොහොම හරි ජීවිතයේ පුදුම වෙනසක් ඇති උනු අවුරුද්දක් නේද

Ansh Lucky Sri Jay said...

ජීවිතයේ සුන්දරම කාලය..
අපූරුයි

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

අපිට නම් කැම්පස් ජීවිතයේ අවසාන කාලේ...
අපි මීට අවුරුද්දකට කලින් උඹලට කියපු දේවල් වල ඇත්ත නැත්ත දැන් උඹලට හොඳට තේරෙනවා ඇති එහෙම නේද?

Sandun Madhawa said...

පහුවෙච්ච ඒ වසර ගැන ඇත්තටම සතුටුයි ආපසු හැරිලා බලද්දී....
ගිය අවුරුද්දේ වෙච්ච වැරදි අඩුපාඩු අවම කරගෙන පටන් ගමු එහෙනම්...
දෙවනි වසරත්...

මේ blog එක ලියන මගේ මිතුරාටත් සුභ අනාගතයක් වේවා....

Post a Comment

ලියන්න ඔබේ අදහස් ඔබේ වචනයේන්