Pages

Friday, May 7, 2010

Ubuntu වල Empathy

මොකද්ද මේ Ubuntu වල Empathy කියන්නේ. අපි සාමාන්‍යයෙන් chat කරන්න Google talk එහෙම නැත්නම් Facebook chat එක යොදා ගන්නවා.අපි windows වල දි නම් Google talk මෘදුකාන්ගය install කරලා තමයි Google talk chat කරන්නේ.Facebook chat එකට නම් සාමාන්‍යය පරිදි Facebook log වෙන්න ඕනේ.

Ubuntu වල දි නම් chat කරන්න මෘදුකාන්ගයක් install කරන්න ඕනේ නෑ ඒ සදහා මෘදුකාන්ගයක් Ubuntu වල තියෙනවා,Empathy කියලා හඳුන් වන්නේ ඒ මෘදුකාන්ගය තමයි. Ubuntu වලට Empathy install කරන්න ඕනේ නම් නෑ.පරිගණකය‍ට Ubuntu install කලාම Empathy ඉබේම install වෙන නිසා. මම දැනට පාවිච්චි කරලා තියෙන්නේ Ubuntu වල 9.04 9.1o 10.04 යන කාණ්ඩයන් විතරයි.ඉතින් මේ කාණ්ඩයන් තුනේ නම් Empathy තියනවා කියලා දන්නවා නමුත් Ubuntu වල අනෙක් කාණ්ඩයන් ගැන නම් දන්නේ නෑ. Ubuntu 9.04 සහ 9.10 වල Empathy වල නම් තියෙන්නේ Google talk විතරයි. නමුත් මේ ඊයේ පෙරේදා හඳුන්වා දුන්න Ubuntu 10.04 වල Empathy වල නම් අනෙක් කාණ්ඩයන් වලට වඩා දියුණු කරලා තියෙනවා. මොකද Google talk වලට අමතරව chat කරන්න පුළුවන් තවත් විදි තියෙනවා. තවත් විශේෂ දෙයක් තියෙනවා සදහන් කරන්න ඒ තමයි Facebook log නොවි Facebook chat කරන්න පුළුවන් වීම.

මම දැන් කියන්න යන්නේ Ubuntu වල Empathy ක්‍රියාත්මක කරකන්නේ කොහොමද කියලා.

මුලින්ම කරන්න ඕනේ Application >>Internet >>Empathy තෝරන්න
පහත පියවර අනුගමනය කරන්න



පළමු පියවර

දෙවන පියවර

මෙම පියවරෙදි chat කිරිම‍ට ඔබ භාවිත ක‍රන ගිණුම තොරන්න උද: Gtalk,Facebook



තෙවන පියවර
මෙම පි‍යවරේ දී ඔබ භාවිත කරන ගිණුමේ හදුනා ගැනීමේ නම සහ රහස් අංකය ඇතුලත් කරන්න


හතරවන පියවර

මෙම පි‍යවරේ දී ඔබේ ‍පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන්න


පස්වන පියවර
මෙලෙස chat තොරන්න



එවිට මෙලෙස ඔබේ පරිගණක තිරයේ contact list එක දිස්වේ.

මම මෙහි සදහන් කලේ Empathy chat කරන්නේ කොහොමද කියලා විතරයි.මේ වගේම ඔබට පැමිණෙන Email බලන්න පුළුවන් පහසුකම් Empathy තියෙනවා.
ඔබත් අත්විදලා බලන්න Ubuntu තියෙන මේ පහසුකම.


5 comments:

Sandun Madhawa said...

සොදුරු ඉසව්වත් තාක්ෂණය පැත්තට ගිහින් වගේ ....
හොදයි හොදයි ...
අපි පාවිච්චි කරන්නෙත් ඕකම තමා ....
මට නම් තවම ඔය ඊමේල් සිද්ධිය නම් අහුවුනේ නැහැ...
බලන්න ඕනි .....

එල එල .... සොදුරු ඉසව්වට ශුභාසිංසන ......

Kazilla Chathura said...

සොඳුරු තාක්ෂණය.. හි හි... එල එල... මචන් හැබයි මම නම් පාවිච්චි කරන්නෙ Pidgin. ඒකත් හොඳයි.. අවුලක් නෑ.. ට්‍රයි කරල බලපන්.. ඒකෙ නම් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න, වොයිස් කෝල් ගන්න එහෙමත් පුලුවන්.. වීඩියෝ චැට් කරන්න නම් පුලුවන්ද දන්නෙ නෑ.. උබට වෙබ් කැම් එකක් තියෙනවනෙ.. ඒකත් ට්‍රයි කරල කියපන්.. එල... තවත් ටෙක්නිකල් ආර්ටිකල් ගොඩාක් ලියත්වා කියල මම ප්‍රාර්ථනා කරනවා... හි හි...

Sandun Madhawa said...

මේකෙත් ඒ දේවල් ටික පුළුවන් මචන්...
වීඩියෝ චැට් කරන්නත් පුළුවන්...
Pidgin මාත් use කරල තියනවා..
පරණ Empathy එකට වඩා Pidgin ලස්සනයි..
අළුත් Empathy එක Pidgin වගේම හොද Look එකක් තියනවා...

Thilini Kasunika said...

තාක්ෂණයේ සොදුරු ඉසව් සොයා යන ගමනට ම‍‍ගෙන් සුභ පැතුම් !!!

Sanj said...

දිගටම තාක්ෂණික ලිපිත් ලියන්න..
උබුන්ටු වල menu එකක් වගේ ඕපන් කළාම screen shot ගන්න විධියක් ඇත්තෙම නැද්ද. ඉන්දිකටත් ඒ ප්‍රශ්නෙ ඇවිත් වගේ..

Post a Comment

ලියන්න ඔබේ අදහස් ඔබේ වචනයේන්