Pages

Saturday, April 24, 2010

අපි සහ අපේ පිරිත

අපේ පිරිත ගැන blog එකේ ලියන්න හිතන් හිටියේ සැහෙන දවසක ඉදන්. එත් පසු ගිය දවස් වල ඒ සදහා හරි හැටි වේලාවක් ලැබුණේ නෑ. එත් අද නම් මම මේ මුල පුරන්නේ අපේ පිරිත් පින්කම ගැන සටහනක් blog එකේ තබන්නයි. අපි පිරිතේ වැඩ මිට මාස දෙකකට විතර කලින් තමයි පටන් ගත්තේ. අපේ batch එකේ කට්ටිය මේ කටයුත්ත සාර්ථක කරගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කලා. ඒ මහන්සියේ ප්‍රථිඵල අපට පසු ගිය 22 වෙනිදා රාත්‍රියේ ලැබුණා. ඇත්තටම කියන්න බැරිතරම් සතුටක් හිතට දැනේනවා. ඇත්තටම 23 වෙනිදා උදේ පිරිතේ සියලු වැඩ ඉවර වුණාට පස්සේ මගේ දෙනෙතට කදුළු ඉනුවා මොකද අපි batch එකක් විදියට එකට එකතුවෙලා සංවිධානය කරපු පිරිත් පිංකම අති සාර්ථකව අවසන් කරන්න ලැබුණ නිසා. මට නම් ඒ දවස මගේ ජිවිතයේ අමතක නොවන දවසක් මොකද ඒ දවස මම සහ මගේ batch එකේ අය ගොඩක් සතුටු වු දවසක් බැවින්.

"සමගිය බලය වේ" කියලා පැරණි කථාවක් තියෙනව නේ ඇත්තටම මට නම් හිතෙන්නේ මේ පැරණි වදනට අපි නියම අරුතක් දුන්නයි කියලයි. මොකද අපේ batch එක ඇතුලේ සමගිය තිබුණේ නැත්නම් මේච්චර ලොකු වැඩක් මෙච්චර ලස්සනය අපට කරන්න වෙන්නේ නෑ. පුංචිම පුංචි සතුන් පිරිසක් වන වේයන් එකමුතුව, සමගිව ගුලක් නිර්මාණය කරනවා මෙන් අපිත් පිරිතේ වැඩ එකා මෙන් එක්ව එකමුතුව අවසන් කලා. ඇත්තටම සතුටුයි කියලා නිම කරන්න බැරි තරම් සතුටුයි.

මේ කාල සීමාව තුල සිදු වු වෙනස්ම සිදුවීම තමයි අප අතර සිටින විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් හදුනාගන්න ලැබිම. ඔවුන්ගේ ඒ විශේෂ හැකියාවන් සහ අපේ batch එකේ අනෙක් අයගෙ මහන්සිය තමයි අපේ පිරිත් පිංකම මෙච්චර ලස්සන කරන්න ඉවහල් වුනේ. ඔවුන් තුල තිබුණ සැගවුණු කුසලතාවයන් මොනවද කියලා මම අමුතුවෙන් කියන්න ඔනේ නෑ අපේ පිරිත් පිංකටම සහභාගි වු සැමට ඒ දේ දෙනෙතින් දකින්න ලැබුණා.


අපි camps ජිවිතය ආරම්භ කරලා දැනට මාස 8 වඩා වැඩියි මේ මාස 8 තුල අපි එක පවුලක දරුවන් මෙන් ජිවත් වුණා. අපට විවිධ ප්‍රශ්ණ වලට මුහුණ පාන්න සිදුවුණා.අපි batch එකක් විධියට හැම ප්‍රශ්ණයකටම මුහුණ දුන්නා. batch එකක් විධියට අපි එකට සිටිය නිසා තමයි අපට අපේ පිරිත මේ විධියට කරන්න ලැබුණේ. ඉතින් අපි ඉස්සරහටත් මේ විදියටම ඉමුයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.

සමරනායක සර් නිර්මාණය කරපු UCSC එක අද වන විය කොළඔ විශ්ව විද්‍යාලයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේම මුතු කැටය වී හමාරයි. ඒ අමරණිය නාමය අපි ඉදිරියටත් රැකගමු.



අපේ batch එක(2009/2012)

4 comments:

Sandun Madhawa said...

බුදුන්ගේ දර්ශනය මේ ලංකාවේ වර්ෂ 2500ක් රැකුනා...
අන්න ඒ වගේ තමා UCSC එකේත්...
සමරනායක සර් අපට දුන්න ඒ උතුම් දේවල්
අනාගතයටක් ඒ වගේම මේ UCSC එක තුළ රැකේවි...
ඒක ඒකාන්තයි...

milee said...

අපි හැමොගෙම දහඩිය මහන්සිය,එකමුතුකම තමයි එදා 22 රාත්‍රියේ අපි පෙන්නුවේ...ඇත්තටම කිසිම දවසක අමතක නොවේවි ඒ රාත්‍රිය...

නිසල said...

අපි හැමෝගෙම උත්සාහය හා මහන්සිය නිසා පිරිත් පින්කම බොහොම හොඳින් කරන්න ලැබීම සතුටට කාරණයක්……
ඒ වගේම අපට උපදෙස් දීපු ආචාර්‍ය මණ්ඩලයටත් අයියලාටත් අපගේ ස්තූතිය….

ඉන්දික ගුණතිලක said...

ඔව් මචන් නිසල අපේ ආචාර්‍ය මණ්ඩලය සහ අයියලා අක්කලා අපට ලොකු හයියක් උනා මේ කර්තවිය මේතරම් හොද‍ට කරන්න මමත් මේක අවස්ථාවක් කරගන්නවා ඒ සැමට ස්තූති කරන්න........

Post a Comment

ලියන්න ඔබේ අදහස් ඔබේ වචනයේන්