Pages

Monday, April 12, 2010

සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ රට බීම


ඔන්න ඉතින් අපටත් නොදැනිම මාස දින පැය මිනිත්තු තත්පර ගෙවි යමින් මේ අවුරුද්දෙත් බක් මාසය පැමිණිලා.ඒ බව අවට පරිසරය අප හට මනාව කියා පානවා.එරබදු මල් පිපිලා කොකිල නාදයෙන් මුළු පරිසරයම සංගීතවත් වෙලා.මුළු පරිසරයම සිංහල හින්දු අලුත් අවුරුද්දට සැරසිලා.පරිසරය මේ විදියට වෙනස් වෙද්දි අපේ කට්ටියත් මේ දවස් වල හරි හරිය‍ට අලුත් අවුරුද්ද‍ට සුදානම් වෙනවා.හැම ගෙදරකම තෙල් තාච්චිය ලිපේ.කැවුම් කොකිස් වැනි රස කැවිලි පිරිලා.ඒ වාගේම ගෙවල් දෙරවල් සුද්ද පවිත්‍ර කරනවා වැඩ ගොඩයි.කට්ටිය හරිම කාර්ය බහුලයි.අලුත් අවුරුද්දට කලින් ගෙදර දෙරේ වැඩ ඉවර කරන්න කට්ටිය එකමුතුව එකා වන්ව වැඩ.සමහර විට සමහර පවුල් වල සි‍යළු සාමාජිකයන් එකට එකතු වෙන්නෙත් අලුත් අවුරුද්ද‍ට.ඉතින් ඔන්න ඔහොම තමයි ‍මේ දවස් වල බොහොමයක් ගෙවල් වල තත්වේ.

මම දැන් මේ සැරසෙන්නේ මෙච්චර වේලා කරපු කථාව ටිකක් වෙනස් පැත්තකට අරන් යන්න.සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ සාම්ප්‍රදායික උත්සවයක්.මේ උත්සවසට දීර්ග ඉතිහාසයක් තියනවා.ඒ වගේම සිංහල සහ හින්දු වැසියන්ට අනන්‍ය බොහොම වැදගත් උත්සවයක්. මම හිතන විදියට මේ උත්සව‍ය නිර්මාණය වේලා තියෙන්නේ ‍‍‍‍‍‍සාමය,සතුට යන වචන දෙකට පැහැදිලි අර්ථයක් ලබා දිමට.සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ මෙකක්ද කියලා හරියට තෙරුම් අරන් මේ උත්සවය සැමරුවොත් මම ඉහත කියපු වචන දෙකට නිසැකවම ක්‍රියාවෙන් නිවැරදි අර්ථ කථනයක් දෙන්න හැකි වෙනවා නොවනු මානයි.

නමුත් අද අප රටේ තිබෙන සමාජ තත්වයත් එක්ක නියම අයුරින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනවද යන ප්‍රශ්ණය මතුවෙනවා. අපේ පැරණි සංස්කෘතිය සහ උරුමයන් ර‍ට බීම(මත් පැන්)නිසා විනාශ මුඛයට ඇද වැටිලා.අද අපේ පිරිමි පාර්ශවයට මත් පැන් නැත් නම් අවුරුදුත් නෑ.නමුත් ඔය අතරේ ඉතා සුළු පිරිසක් මත් පැන් වලින් තොර ලෝකයක් නිර්මාණය කරගෙන තිබෙනවා.මෙවැනි සුළු පිරිසක් හරි ඉතිරි වෙලා ඉන්න එක නම් ලොකු දෙයක් මේ යන විදියට.ඔය අතරේ තියන කනගාටු දායක සිද්දිය නම් නාගරික පරිසරයේ ජිවත් වන කාන්තාවන්ගෙන් සුළු පිරිසක් මේ ජහජරාව බිමට පුරුදුව සිටිමයි.මම මේ කථාව නම් කිව්වේ නොකියාම බැරි නිසා.එමෙන්ම අලුත් අවුරුද්දේ ගෙදරට ‍එන අයට අද අපේ අය සංග්‍රහ කරන්නේ කැවුම් කිරිබත් වලින් නොව මත් පැන් වලින්(පිරිමි පාර්ශවයට).මෙවැනි සමාජ පසුබිමක,අප රට තුල මම ඉහත සදහන් කල අර්ථය සිංහල හින්දු අලුත් අවුරුද්දට ලැබෙනවාද ?.මෙහෙම වෙන්න හේතුව නම් පැහැදිලි කරන්න ම‍ට තේරෙන්නේ නෑ.නමුත් මෙය අපේ මිනිසුන්ගේ ලොකු දුර්වල තාවයක්.මේ වැරද්ද හදන්න අ‍ප‍ට පුළුවන් ද යන්න නම් ම‍ට ප්‍රශ්ණයක්.නමුත් වැරද්දක් ඇති බව පෙන්නා දෙන්න පුළුවන්.ඒ වැරද්ද හදා ගන්න එක තම තමන්ගේ වැඩක්.මේ වැරද්ද හදා ගැනිමෙන් මතින් තෙර සාමය සතුට පිරි සුහ අලුත් අවුරුද්දක් සමරන්නට හැකිවනු නොවනුමානයි.

ඉතින් මම මේ සදහන් කලේ මගේ අදහස.මේ පිළිපද ඔ‍බේ අදහස මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඔබ‍ටත් පුළුවන් ඔබේ අදහස පහත සදහන් කරන්න.

අප්‍රේල් මස 14 වන දින පුර්ව භාග 6.58 ට සුභ මෙහොතින් උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ‍ඔබ සැම‍ට සාමය සතු‍‍ට පිරි ‍‍සෞභාගියමත් සුභම සුභ අලුත් අවුරුද්ද වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

2 comments:

Sandun Madhawa said...

අපේ වැඩිහිටියන්ලෙන් මේ පුරුද්ද මග හරින්න හරිම අමාරුයි.
ඒත් තරුණයන් මේ දේවල් වලට පුරුදු නොවුනා නම්..
මේ ගැටළුව ඒ තරුණයන් වයසින් මුහුකුරා යනවිට අනිවාර්යෙන් විසදෙනවා...
ඒක ඉතින් අපේ තරුණයින් මොලේ පාවිච්චි කරල කරන්න ඕනි දෙයක්..
මේ අවුරුද්දේ ඒ දෙසට හිත යොමු කරවපු එකනම් ගොඩක් හොදයි මචන්...

සුභ අළුත් අවුරුද්දක් වේවා සැමට ...

ඒ වගේම ලබන්නාවූ නව වසරෙත් මේ "සොඳුරු ඉසව්ව" තව තවත් හැඩකරන්න උඹට ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම පතනවා ....

Kazilla Chathura said...

ඒ උනාට බොන එක හොඳට බොන්න තියෙන්න ඔනෙ ඕයි... නැත්තං වැඩක් නෑ...

Post a Comment

ලියන්න ඔබේ අදහස් ඔබේ වචනයේන්