Pages

Sunday, April 4, 2010

නෙත පින වන සොභාදහම

ඉහත ඡායාරූප පෙළ ඔබ නරබන්න ඇති නේ. ඇත්තටම සුන්දර දසුන් පෙළක්. මම නම් මේ දසුන් පෙළ සියැසින් දුටුවා. මේ දසුන් පෙළ එතරම්ම සුන්දර නිසා ඔබටත් දැක ගන්න blog එකට දාන්න ඔනි කියලා මට හිතුනා. පසුගිය vacation එකේ මමයි තව මගේ යාළුවෝ 3 න්දෙනෙකුයි (අසංක, නිසල, ගිහාන්) ගියා පොඩි චාරිකාවක්. ඇත්ත‍ටම මේක පොඩියි කිව්වට පොඩිමත් නෑ. හරි මම කියන්නම්කො ඒ කොහෙද කියල. මේම ස්ථානය ‍බෞද්ධයන්‍ට නම් පුදබිමක්, මුළු ලොවම පුරාම ප්‍රසිද්ධ සුන්දර පරිසර‍යක් හිමි ප්‍රදේශයක් (ඒ බව නම් ඡායාරූප දුටුවම මනාව දැකගන්න පුළුවන්) ඒ වගේම වැදගත්ම කාරනය නම් , මෙම ස්ථානය බුදුන් වැඩි පුදබිමක්. ඇත්තටම මම මේ කියන්න යන්නේ ශ්‍රීපාදස්ථානය ගැනයි. ශ්‍රිපාද කඳු වැටිය තරනය කර ඉහල සිට නැරබු විට දර්ශණය වන පරිසරය තමයි ඉහත ඡායාරූප වලින් දැක්වෙන්නේ. මට නම් හැගෙන්නේ මේ පරිසරය ස්භාවධර්මයා විසින් අප රටට දායාද කල අපූරු දායාදයක් බවයි. මේ අපූරු දායාදය රැක ගන්න එක අපේ වගකීමක්. නමුත් අද වන විට ශ්‍රීපාදස්ථානය වන්දනා කරන්න යන බොහෝ බැතිමතුන් අතින් ඔය කියන වගකීම ඉටුවන්නේ නෑ. ඇත්තටම එය කනගාටු දායක සිද්දියක්. මේ උරුමය අපේ අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අද අපේ යුතුකමයි. ඉතින් ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන්න ඔබත් වගබලා ගනියි කියලා මම හිතනවා. නිසැකයෙන්ම එය අපේ යුතුකමක් හා වගකීමක් බව නම් කිසිවිටෙකත් අමතක නොකරන්න. අපි අපේ සැබැ ජිවිතයේ පණ මෙන් රැකගන්නට උත්සහ කරන බොහෝ දේ ඇත එමෙන්ම මේ සුන්දර පරිසරයත් අපි අපේ පණ මෙන් රැක ගනිමු.

9 comments:

Thilini Kasunika said...

ඇත්තටම photos ටික නම් පට්ටයි!!!!!

Sanj said...

ඇත්තටම දර්ශනීය දසුන් ‍පෙළක්.

Sandun Madhawa said...

මාත් ගිහින් තියනව සිරීපාදෙ නම්....
ඒත් මහ රෑ නැගල එලිය වැටෙන්නත් කලින් බැස්ස..
අපිට පින් නැති වුනා මේ ටික බලන්න...
අනිවා ආයෙ යනව මේ ටික බලල එන්නම....

නිමේෂ් සුරංග said...

Beautiful pictures machang.....
you have a very good eye.
සිරිපාදේ සමහර තැන් වල කුණු දාලා තියෙනවා....ඒත් දැන්නම් ඒකට හොද වැඩ පිළිවෙළක් පොලීසියෙන් කරගෙන යනවා.

නිසල said...

ඇත්තටම ඔය පින්තූර ටික මමත් කලින් දැකල තිබ්බෙ නෑ.. එක හින්ද මුලින්ම පින්තූර දකිද්දි මම හිතුවෙ වෙන කොහෙ හරි රටක් කියල..... ඇත්තටම හරිම ලස්සනයි..... නියමයි

නුවන් said...

අපිත් කොල්ලො 10ක් එක්ක නැග්ගනෙ මේ සිරීපදෙ...අපි නැග්ගෙ හැටන් වලින්...පට්ටයි තමා ගමනන් ...කතාවක් තිනවනෙ සිරීපදේ එකපාරක්වත් නොගිය එකත් මොඩයා එක පාරට වඩා ගිය එකත් මොඩය කියල...අත්තටම යන්න ඔන තැනක්...පරිස්සන් කරන්න ඔන තැනක්...

milee said...

මාත් මුලින්ම සිරීපාදේ ගියේ මේ ලගදී..උදේට ඉර පායන වෙලාවට සමනොල කඳු වැටියෙ සුන්දරත්වය නෙත් සිත් පිනා යනවා...ඉන්දිකගේ දසුන් පෙල දැක්කම මට ආයෙත් යන්න හිතෙනවා...

Post a Comment

ලියන්න ඔබේ අදහස් ඔබේ වචනයේන්