Pages

Saturday, April 24, 2010

අපි සහ අපේ පිරිත

අපේ පිරිත ගැන blog එකේ ලියන්න හිතන් හිටියේ සැහෙන දවසක ඉදන්. එත් පසු ගිය දවස් වල ඒ සදහා හරි හැටි වේලාවක් ලැබුණේ නෑ. එත් අද නම් මම මේ මුල පුරන්නේ අපේ පිරිත් පින්කම ගැන සටහනක් blog එකේ තබන්නයි. අපි පිරිතේ වැඩ මිට මාස දෙකකට විතර කලින් තමයි පටන් ගත්තේ. අපේ batch එකේ කට්ටිය මේ කටයුත්ත සාර්ථක කරගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කලා. ඒ මහන්සියේ ප්‍රථිඵල අපට පසු ගිය 22 වෙනිදා රාත්‍රියේ ලැබුණා. ඇත්තටම කියන්න බැරිතරම් සතුටක් හිතට දැනේනවා. ඇත්තටම 23 වෙනිදා උදේ පිරිතේ සියලු වැඩ ඉවර වුණාට පස්සේ මගේ දෙනෙතට කදුළු ඉනුවා මොකද අපි batch එකක් විදියට එකට එකතුවෙලා සංවිධානය කරපු පිරිත් පිංකම අති සාර්ථකව අවසන් කරන්න ලැබුණ නිසා. මට නම් ඒ දවස මගේ ජිවිතයේ අමතක නොවන දවසක් මොකද ඒ දවස මම සහ මගේ batch එකේ අය ගොඩක් සතුටු වු දවසක් බැවින්.

"සමගිය බලය වේ" කියලා පැරණි කථාවක් තියෙනව නේ ඇත්තටම මට නම් හිතෙන්නේ මේ පැරණි වදනට අපි නියම අරුතක් දුන්නයි කියලයි. මොකද අපේ batch එක ඇතුලේ සමගිය තිබුණේ නැත්නම් මේච්චර ලොකු වැඩක් මෙච්චර ලස්සනය අපට කරන්න වෙන්නේ නෑ. පුංචිම පුංචි සතුන් පිරිසක් වන වේයන් එකමුතුව, සමගිව ගුලක් නිර්මාණය කරනවා මෙන් අපිත් පිරිතේ වැඩ එකා මෙන් එක්ව එකමුතුව අවසන් කලා. ඇත්තටම සතුටුයි කියලා නිම කරන්න බැරි තරම් සතුටුයි.

මේ කාල සීමාව තුල සිදු වු වෙනස්ම සිදුවීම තමයි අප අතර සිටින විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් හදුනාගන්න ලැබිම. ඔවුන්ගේ ඒ විශේෂ හැකියාවන් සහ අපේ batch එකේ අනෙක් අයගෙ මහන්සිය තමයි අපේ පිරිත් පිංකම මෙච්චර ලස්සන කරන්න ඉවහල් වුනේ. ඔවුන් තුල තිබුණ සැගවුණු කුසලතාවයන් මොනවද කියලා මම අමුතුවෙන් කියන්න ඔනේ නෑ අපේ පිරිත් පිංකටම සහභාගි වු සැමට ඒ දේ දෙනෙතින් දකින්න ලැබුණා.


අපි camps ජිවිතය ආරම්භ කරලා දැනට මාස 8 වඩා වැඩියි මේ මාස 8 තුල අපි එක පවුලක දරුවන් මෙන් ජිවත් වුණා. අපට විවිධ ප්‍රශ්ණ වලට මුහුණ පාන්න සිදුවුණා.අපි batch එකක් විධියට හැම ප්‍රශ්ණයකටම මුහුණ දුන්නා. batch එකක් විධියට අපි එකට සිටිය නිසා තමයි අපට අපේ පිරිත මේ විධියට කරන්න ලැබුණේ. ඉතින් අපි ඉස්සරහටත් මේ විදියටම ඉමුයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.

සමරනායක සර් නිර්මාණය කරපු UCSC එක අද වන විය කොළඔ විශ්ව විද්‍යාලයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේම මුතු කැටය වී හමාරයි. ඒ අමරණිය නාමය අපි ඉදිරියටත් රැකගමු.



අපේ batch එක(2009/2012)

Monday, April 12, 2010

සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ රට බීම


ඔන්න ඉතින් අපටත් නොදැනිම මාස දින පැය මිනිත්තු තත්පර ගෙවි යමින් මේ අවුරුද්දෙත් බක් මාසය පැමිණිලා.ඒ බව අවට පරිසරය අප හට මනාව කියා පානවා.එරබදු මල් පිපිලා කොකිල නාදයෙන් මුළු පරිසරයම සංගීතවත් වෙලා.මුළු පරිසරයම සිංහල හින්දු අලුත් අවුරුද්දට සැරසිලා.පරිසරය මේ විදියට වෙනස් වෙද්දි අපේ කට්ටියත් මේ දවස් වල හරි හරිය‍ට අලුත් අවුරුද්ද‍ට සුදානම් වෙනවා.හැම ගෙදරකම තෙල් තාච්චිය ලිපේ.කැවුම් කොකිස් වැනි රස කැවිලි පිරිලා.ඒ වාගේම ගෙවල් දෙරවල් සුද්ද පවිත්‍ර කරනවා වැඩ ගොඩයි.කට්ටිය හරිම කාර්ය බහුලයි.අලුත් අවුරුද්දට කලින් ගෙදර දෙරේ වැඩ ඉවර කරන්න කට්ටිය එකමුතුව එකා වන්ව වැඩ.සමහර විට සමහර පවුල් වල සි‍යළු සාමාජිකයන් එකට එකතු වෙන්නෙත් අලුත් අවුරුද්ද‍ට.ඉතින් ඔන්න ඔහොම තමයි ‍මේ දවස් වල බොහොමයක් ගෙවල් වල තත්වේ.

මම දැන් මේ සැරසෙන්නේ මෙච්චර වේලා කරපු කථාව ටිකක් වෙනස් පැත්තකට අරන් යන්න.සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ සාම්ප්‍රදායික උත්සවයක්.මේ උත්සවසට දීර්ග ඉතිහාසයක් තියනවා.ඒ වගේම සිංහල සහ හින්දු වැසියන්ට අනන්‍ය බොහොම වැදගත් උත්සවයක්. මම හිතන විදියට මේ උත්සව‍ය නිර්මාණය වේලා තියෙන්නේ ‍‍‍‍‍‍සාමය,සතුට යන වචන දෙකට පැහැදිලි අර්ථයක් ලබා දිමට.සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ මෙකක්ද කියලා හරියට තෙරුම් අරන් මේ උත්සවය සැමරුවොත් මම ඉහත කියපු වචන දෙකට නිසැකවම ක්‍රියාවෙන් නිවැරදි අර්ථ කථනයක් දෙන්න හැකි වෙනවා නොවනු මානයි.

නමුත් අද අප රටේ තිබෙන සමාජ තත්වයත් එක්ක නියම අයුරින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනවද යන ප්‍රශ්ණය මතුවෙනවා. අපේ පැරණි සංස්කෘතිය සහ උරුමයන් ර‍ට බීම(මත් පැන්)නිසා විනාශ මුඛයට ඇද වැටිලා.අද අපේ පිරිමි පාර්ශවයට මත් පැන් නැත් නම් අවුරුදුත් නෑ.නමුත් ඔය අතරේ ඉතා සුළු පිරිසක් මත් පැන් වලින් තොර ලෝකයක් නිර්මාණය කරගෙන තිබෙනවා.මෙවැනි සුළු පිරිසක් හරි ඉතිරි වෙලා ඉන්න එක නම් ලොකු දෙයක් මේ යන විදියට.ඔය අතරේ තියන කනගාටු දායක සිද්දිය නම් නාගරික පරිසරයේ ජිවත් වන කාන්තාවන්ගෙන් සුළු පිරිසක් මේ ජහජරාව බිමට පුරුදුව සිටිමයි.මම මේ කථාව නම් කිව්වේ නොකියාම බැරි නිසා.එමෙන්ම අලුත් අවුරුද්දේ ගෙදරට ‍එන අයට අද අපේ අය සංග්‍රහ කරන්නේ කැවුම් කිරිබත් වලින් නොව මත් පැන් වලින්(පිරිමි පාර්ශවයට).මෙවැනි සමාජ පසුබිමක,අප රට තුල මම ඉහත සදහන් කල අර්ථය සිංහල හින්දු අලුත් අවුරුද්දට ලැබෙනවාද ?.මෙහෙම වෙන්න හේතුව නම් පැහැදිලි කරන්න ම‍ට තේරෙන්නේ නෑ.නමුත් මෙය අපේ මිනිසුන්ගේ ලොකු දුර්වල තාවයක්.මේ වැරද්ද හදන්න අ‍ප‍ට පුළුවන් ද යන්න නම් ම‍ට ප්‍රශ්ණයක්.නමුත් වැරද්දක් ඇති බව පෙන්නා දෙන්න පුළුවන්.ඒ වැරද්ද හදා ගන්න එක තම තමන්ගේ වැඩක්.මේ වැරද්ද හදා ගැනිමෙන් මතින් තෙර සාමය සතුට පිරි සුහ අලුත් අවුරුද්දක් සමරන්නට හැකිවනු නොවනුමානයි.

ඉතින් මම මේ සදහන් කලේ මගේ අදහස.මේ පිළිපද ඔ‍බේ අදහස මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඔබ‍ටත් පුළුවන් ඔබේ අදහස පහත සදහන් කරන්න.

අප්‍රේල් මස 14 වන දින පුර්ව භාග 6.58 ට සුභ මෙහොතින් උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ‍ඔබ සැම‍ට සාමය සතු‍‍ට පිරි ‍‍සෞභාගියමත් සුභම සුභ අලුත් අවුරුද්ද වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

Sunday, April 4, 2010

නෙත පින වන සොභාදහම











ඉහත ඡායාරූප පෙළ ඔබ නරබන්න ඇති නේ. ඇත්තටම සුන්දර දසුන් පෙළක්. මම නම් මේ දසුන් පෙළ සියැසින් දුටුවා. මේ දසුන් පෙළ එතරම්ම සුන්දර නිසා ඔබටත් දැක ගන්න blog එකට දාන්න ඔනි කියලා මට හිතුනා. පසුගිය vacation එකේ මමයි තව මගේ යාළුවෝ 3 න්දෙනෙකුයි (අසංක, නිසල, ගිහාන්) ගියා පොඩි චාරිකාවක්. ඇත්ත‍ටම මේක පොඩියි කිව්වට පොඩිමත් නෑ. හරි මම කියන්නම්කො ඒ කොහෙද කියල. මේම ස්ථානය ‍බෞද්ධයන්‍ට නම් පුදබිමක්, මුළු ලොවම පුරාම ප්‍රසිද්ධ සුන්දර පරිසර‍යක් හිමි ප්‍රදේශයක් (ඒ බව නම් ඡායාරූප දුටුවම මනාව දැකගන්න පුළුවන්) ඒ වගේම වැදගත්ම කාරනය නම් , මෙම ස්ථානය බුදුන් වැඩි පුදබිමක්. ඇත්තටම මම මේ කියන්න යන්නේ ශ්‍රීපාදස්ථානය ගැනයි. ශ්‍රිපාද කඳු වැටිය තරනය කර ඉහල සිට නැරබු විට දර්ශණය වන පරිසරය තමයි ඉහත ඡායාරූප වලින් දැක්වෙන්නේ. මට නම් හැගෙන්නේ මේ පරිසරය ස්භාවධර්මයා විසින් අප රටට දායාද කල අපූරු දායාදයක් බවයි. මේ අපූරු දායාදය රැක ගන්න එක අපේ වගකීමක්. නමුත් අද වන විට ශ්‍රීපාදස්ථානය වන්දනා කරන්න යන බොහෝ බැතිමතුන් අතින් ඔය කියන වගකීම ඉටුවන්නේ නෑ. ඇත්තටම එය කනගාටු දායක සිද්දියක්. මේ උරුමය අපේ අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අද අපේ යුතුකමයි. ඉතින් ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන්න ඔබත් වගබලා ගනියි කියලා මම හිතනවා. නිසැකයෙන්ම එය අපේ යුතුකමක් හා වගකීමක් බව නම් කිසිවිටෙකත් අමතක නොකරන්න. අපි අපේ සැබැ ජිවිතයේ පණ මෙන් රැකගන්නට උත්සහ කරන බොහෝ දේ ඇත එමෙන්ම මේ සුන්දර පරිසරයත් අපි අපේ පණ මෙන් රැක ගනිමු.