Pages

Tuesday, March 2, 2010

බොරුව.......................

මේ ගැන ලියන්න හිතුවේ අපි හැමොම මේ ප්‍රශ්ණයට මුහුණ දෙන නිසා. අනෙක් කාරනය නම් මේ ගැන blog එකේ ලියන්න කියල මගේ හිත මට ම බල කල නිසා, මම හිතන විධියට තව කෙනෙකු හො පිරිසක් රැවටිම බොරුව කියලා සරලව හඳුන් වන්න පුලුවන්. තවත් විදියකට කියනවා නම් මේ ගැන, බොරුවට සීමාවක් නෑ එක් බොරුවක් වහන්න තවත් බොරු සීයක් විතර කියන්න හො කරන්න වෙයි . එවාගේම ඔය බොරු සීයය වහන්න තව බොරු කියක් කියන්න වෙයි ද ?... කාටද කියන්න පුළුවන් එත් තවත් වැදගත් කාරනයක් තියනවා එය නම් බොරුවට තියෙන ආයුෂ හරි අඩුයි මේ ගැන තවත් පැහැදිලිව කියනවා නම් බොරුවට පැවැත්මක් නෑ එය යම් ප්‍රශ්ණයකට තාවකිලික විසදුමක් වෙන්න පුලුවන් නමුත් එය කවමදාකවත් සදාකිලික නම් වෙන්නේ නෑ ඒකතමයි පිළිගතයුතු සත්‍ය. බොරුවෙන් තව අයෙකු රවටනවා කියන එකතරා විදියක පාප කර්මයක්. කවුරුන් හො මේ පාප කර්මය කලහොත් ඔහුට හො ඇයට සදාකාලිකව හදවතින් දුක් විදින්න වෙවි. මම නම් හිතන විදියට, බොරුවෙන් තව කෙනෙකු හො පිරිසක් රවටනවාට වඩා සත්‍යට මුහුණ දෙන එක සුදුසු බවයි. එය සත්‍යට ගරු කරන සියලු දෙනා පිළිගන්නා කරුනුකි. ඔබත් බොරුවෙන් තව අයෙකු රවටන්න සිතනවා නම් ඒ ගැන සිය දහස් වාරයක් සිතන්න. නැති නම් එය ඔබට සදාකාලික දුකක් වෙවි.

10 comments:

සඳුන් මාධව said...

කතාව සිරා ....
මචන්... ඒත් සිංහල බහුතරයක් මේ ගැන හිතන්නේ නැහැ..
හිතන පොඩි ගාණක් ඉන්නව...
එත් අවාසනාවට එහෙම හිතන එකා හැමදාම දුකින්..
ඒ මනුස්සයට මුහුණ දෙන්න වෙන දේවල් නිසා....

නිසල said...

This is how Wikipedia describes Lie.........

A lie (also called prevarication, falsehood) is a type of deception in the form of an untruthful statement, especially with the intention to deceive others, often with the further intention to maintain a secret or reputation, protect someone's feelings or to avoid a punishment or repercussion for one's actions. To lie is to state something that one knows to be false or that one does not honestly believe to be true with the intention that a person will take it for the truth. A liar is a person who is lying, who has previously lied, or who tends by nature to lie repeatedly - even when not necessary.

Lying is typically used to refer to deceptions in oral or written communication. Other forms of deception, such as disguises or forgeries, are generally not considered lies, though the underlying intent may be the same. However, even a true statement can be used to deceive. In this situation, it is the intent of being overall untruthful rather than the truthfulness of any individual statement that is considered the lie.

නිසල said...

This is how Wikipedia describes Lie

Kazilla Chathura said...

මටත් ඔය බොරුකාරයො නම් පෙන්නන්න බැ...
ඕනෙම දෙයක් ඉවසන්න පුලුවන් ඒත් බොරුව නම් බැ....
ඔය බොරු කියන එවුන් තමයි ලෝකෙම ගිණි තියන්නෙ.....

හැබැයි ඉතින් ඒ වගෙ එවුන් එක්ක කතා කරද්දි අපිටත් බොරු කියන්න වෙනව....

දැන් මම එහෙම කිව්වම බොරු කියන එවුන් කියයි අපි බොරු කියන්නෙ උඹල බොරු කියන නිස කියල...( උඩින් තියෙන වාක්‍යයට අනුව )

හැබැයි මතක තියාගන්න ඔනෙ තවත් දෙයක් තියෙනව..
ඒක තමයි...,
බොරු කියන එවුන්ටත් වඩා කාලකණ්ණි ජාතියක් තමයි බොරු කරන එවුන්....

Sanj said...

මටත් බොරුව ‍පේන්න බෑ.. මාර තරහක් වගේම කලකිරීමක් දැනෙන්නෙ‍ කෙනෙක්‍ ගෙ බොරුවක් එළි උනාම.. ඒ වගේම ලොකු සිත් වේදනාවක්.

කොහොමත් සොබා දහමම පිළිතුරු ‍දේවි ඕවට....

ඉන්දික ගුණතිලක said...

ඔව් සංජය
ඔබ හරි
අපිට කරන්න දෙයක් නැ
බලා සිටිනවා හැරෙන්නට
සොබාදහම පිළිතුරු දේවි
කලට වේලාවට.....

Kazilla Chathura said...

Ammata udu... Muriyage Kadda..... pooh...

නිසල said...

Ahhh ow kesilla: ooka Wikipedia ekata liwweth mama thamay.....

සඳුන් මාධව said...

චතුරගෙ කතාවට නම් මම 100% එකගයි. බොරු කරන එකට කාලකණ්ණි කියන වචනය හොද වැඩියි....

තිලිනි said...

කතාව නම් සහතික ඇත්ත.

Post a Comment

ලියන්න ඔබේ අදහස් ඔබේ වචනයේන්