Pages

Friday, October 22, 2010

විසිපස් වසරක අභිමානය


විද්‍යාජෝති මහචාර්ය වි.කේ සමරනායකන්ගේ මුලිකත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලය තුල පරිගණක අධ්‍යාපන කටයුතු ආරම්භ කර වසර 25 පිරීම නිමිත්තෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය(UCSC) සංවිධානය කරන ifo++ (ideas:free and open) තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 28,29 සහ 30 යන දිනවල කොලඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතන භූමි පරිශ්‍රයේදී පැවැත්විමට නියමිතව ඇත.

ifo++ තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ෂණ‍ය තුලින්
සමග තවත් ‍‍බොහොදේ පුරා දින 3 ක් පෙ‍.ව 9.00 සි‍ට ප.ව 8.00 දක්වා කොලඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතන භූමි පරිශ්‍රයේදී.

තොරතුරු තාක්ෂණ පිළිබදව ඔ‍‍බේ දැනු‍ම පුළුල් කර ගැනිම‍ට මෙය ඔබට හොද අවස්ථාවක් වනු ඇත.

වැඩිවිස්තර සදහා පිවිසෙන්න
www.ifo.ucsc.lk වෙත

Friday, September 10, 2010

දගකාර සිත

දගකාර කමට
යෞවනත්වයට
සිහින දැක්කත්
සිත දන්නේ නැ ඒ බව
බයෙන් චකිතයෙන් වේව්ලන
අකීකරු සිතට
නිමක් නැති සිහින දකින්නට
නැත කාලයක්
විටෙක සිත දන්නෙත් නැ ඒ සිහින බව
ඒ සිහින එතරම්ම
සුන්දර නිසා
සිහින සුන්දර නිසා ද
බොද වී යන්නේ
අපට නොදැනිම
සිත දගකාර නිසා ද
............


Wednesday, July 21, 2010

‍මතක ස‍‍ට‍‍හන්

සැහෙන දවසකින් blog එකේ මොකුත් ‍ලි‍යන්න බැරි වුණා. අද නම් ඒ සදහා වේලාවක් ‍ලැබුණා. EXAM, ASSIGNMENT ඉවර කරලා ගොඩක් සැහැල්ලුවෙන් තම දැන් නම් ඉන්නේ ඔන්න ඉතින් දන්නෙම නැතු‍ව විශ්ව විද්‍යාල ජ්විත‍ය අරඹා වසරකුත් ගෙවිලා. ඇත්ත‍‍ටම කියනවා නම් ‍‍විශ්ව විද්‍යාල ජ්විත‍ය අවුරුද්දකින් පරණ වෙලා. ජිවිත‍ය අවුරුද්ද කින් පරණ වුණා ඒ කියන්නේ ඉතින් වයසට ගියා කි‍යන එක නේ තව විදියක‍ට කි‍යනව නම් ඉතින් ජිවිතය පරිණත වෙලා මේ වසරක කාලය තුල ජිවිතයට ‍ලැබුණ දේ නොලැබුණ දේ‍ට වඩා ‍බොහෝමයි. මීට වසරක‍ට පමණ පෙර අප විශ්ව විද්‍යා‍ල ජිවිතය ආරම්භ කරන වි‍‍ට අප ගතකල ජිවිතව සහ අද අප ගත කරන ජිවිතයේ වෙනස ඔබ‍ට මේ කාලය තුල දැනෙන්න‍‍ට ඇති. මේ වසර තුල ගතකල කාලය කොතරම් කටුක වුවත් මේ කාලය තුල ‍ලැබුණු අත්දැකි‍ම් නම් හරිම සුන්දරයි. ඒ අත්දැකිම් ඒ සුන්දර මතක සටහන් සදාකාලිකව අපේ ජිවිතයේ අනාගතයත්, අතිතයත් වනු ඇත. මතකය අවදිකර මතකයන් අතර සුන්දරම මතකය හොයන්න මම උත්සහ කලා නමුත් ඒ මතකයන් හැම එකම වෙන් කල නොහැකි තරම‍ට සුන්දරයි කියලා ම‍ට තේරුනේ එතකොටයි ඒත් මතක‍‍‍යන්‍ මතකයක් ලෙසම අමතක කරනවාට වඩා පැහැබර අනාගතයක් වෙනු වෙන් යොදා ගන්නට හැකිනම් සුන්දර වු මතකයන්‍ට වටිනාකමක් දෙන්න අප‍ට පුළුවන් වනු නිසැකයි.

මේ කාල‍ය තු‍ල හරි ගිය තැන් මෙන්ම වැරදුණ තැන්ද එමටයි තව දින කිපයකින් දෙවන වසර අධ්‍යන කටයුතු අරඹන්න බලාපොරොත්තු වන අපහට හරි ගිය තැන් මෙන්ම වැරදුණ තැන්ද මතකයේ තබා ගන්න‍ට හැකිනම් ගෙවුණ වසරට වඩා පැමි‍ණේන වසර සාර්ථක කරගන්න හැකිවනු නියතයි.

Friday, May 7, 2010

Ubuntu වල Empathy

මොකද්ද මේ Ubuntu වල Empathy කියන්නේ. අපි සාමාන්‍යයෙන් chat කරන්න Google talk එහෙම නැත්නම් Facebook chat එක යොදා ගන්නවා.අපි windows වල දි නම් Google talk මෘදුකාන්ගය install කරලා තමයි Google talk chat කරන්නේ.Facebook chat එකට නම් සාමාන්‍යය පරිදි Facebook log වෙන්න ඕනේ.

Ubuntu වල දි නම් chat කරන්න මෘදුකාන්ගයක් install කරන්න ඕනේ නෑ ඒ සදහා මෘදුකාන්ගයක් Ubuntu වල තියෙනවා,Empathy කියලා හඳුන් වන්නේ ඒ මෘදුකාන්ගය තමයි. Ubuntu වලට Empathy install කරන්න ඕනේ නම් නෑ.පරිගණකය‍ට Ubuntu install කලාම Empathy ඉබේම install වෙන නිසා. මම දැනට පාවිච්චි කරලා තියෙන්නේ Ubuntu වල 9.04 9.1o 10.04 යන කාණ්ඩයන් විතරයි.ඉතින් මේ කාණ්ඩයන් තුනේ නම් Empathy තියනවා කියලා දන්නවා නමුත් Ubuntu වල අනෙක් කාණ්ඩයන් ගැන නම් දන්නේ නෑ. Ubuntu 9.04 සහ 9.10 වල Empathy වල නම් තියෙන්නේ Google talk විතරයි. නමුත් මේ ඊයේ පෙරේදා හඳුන්වා දුන්න Ubuntu 10.04 වල Empathy වල නම් අනෙක් කාණ්ඩයන් වලට වඩා දියුණු කරලා තියෙනවා. මොකද Google talk වලට අමතරව chat කරන්න පුළුවන් තවත් විදි තියෙනවා. තවත් විශේෂ දෙයක් තියෙනවා සදහන් කරන්න ඒ තමයි Facebook log නොවි Facebook chat කරන්න පුළුවන් වීම.

මම දැන් කියන්න යන්නේ Ubuntu වල Empathy ක්‍රියාත්මක කරකන්නේ කොහොමද කියලා.

මුලින්ම කරන්න ඕනේ Application >>Internet >>Empathy තෝරන්න
පහත පියවර අනුගමනය කරන්න



පළමු පියවර

දෙවන පියවර

මෙම පියවරෙදි chat කිරිම‍ට ඔබ භාවිත ක‍රන ගිණුම තොරන්න උද: Gtalk,Facebook



තෙවන පියවර
මෙම පි‍යවරේ දී ඔබ භාවිත කරන ගිණුමේ හදුනා ගැනීමේ නම සහ රහස් අංකය ඇතුලත් කරන්න


හතරවන පියවර

මෙම පි‍යවරේ දී ඔබේ ‍පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන්න


පස්වන පියවර
මෙලෙස chat තොරන්න



එවිට මෙලෙස ඔබේ පරිගණක තිරයේ contact list එක දිස්වේ.

මම මෙහි සදහන් කලේ Empathy chat කරන්නේ කොහොමද කියලා විතරයි.මේ වගේම ඔබට පැමිණෙන Email බලන්න පුළුවන් පහසුකම් Empathy තියෙනවා.
ඔබත් අත්විදලා බලන්න Ubuntu තියෙන මේ පහසුකම.


Saturday, April 24, 2010

අපි සහ අපේ පිරිත

අපේ පිරිත ගැන blog එකේ ලියන්න හිතන් හිටියේ සැහෙන දවසක ඉදන්. එත් පසු ගිය දවස් වල ඒ සදහා හරි හැටි වේලාවක් ලැබුණේ නෑ. එත් අද නම් මම මේ මුල පුරන්නේ අපේ පිරිත් පින්කම ගැන සටහනක් blog එකේ තබන්නයි. අපි පිරිතේ වැඩ මිට මාස දෙකකට විතර කලින් තමයි පටන් ගත්තේ. අපේ batch එකේ කට්ටිය මේ කටයුත්ත සාර්ථක කරගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කලා. ඒ මහන්සියේ ප්‍රථිඵල අපට පසු ගිය 22 වෙනිදා රාත්‍රියේ ලැබුණා. ඇත්තටම කියන්න බැරිතරම් සතුටක් හිතට දැනේනවා. ඇත්තටම 23 වෙනිදා උදේ පිරිතේ සියලු වැඩ ඉවර වුණාට පස්සේ මගේ දෙනෙතට කදුළු ඉනුවා මොකද අපි batch එකක් විදියට එකට එකතුවෙලා සංවිධානය කරපු පිරිත් පිංකම අති සාර්ථකව අවසන් කරන්න ලැබුණ නිසා. මට නම් ඒ දවස මගේ ජිවිතයේ අමතක නොවන දවසක් මොකද ඒ දවස මම සහ මගේ batch එකේ අය ගොඩක් සතුටු වු දවසක් බැවින්.

"සමගිය බලය වේ" කියලා පැරණි කථාවක් තියෙනව නේ ඇත්තටම මට නම් හිතෙන්නේ මේ පැරණි වදනට අපි නියම අරුතක් දුන්නයි කියලයි. මොකද අපේ batch එක ඇතුලේ සමගිය තිබුණේ නැත්නම් මේච්චර ලොකු වැඩක් මෙච්චර ලස්සනය අපට කරන්න වෙන්නේ නෑ. පුංචිම පුංචි සතුන් පිරිසක් වන වේයන් එකමුතුව, සමගිව ගුලක් නිර්මාණය කරනවා මෙන් අපිත් පිරිතේ වැඩ එකා මෙන් එක්ව එකමුතුව අවසන් කලා. ඇත්තටම සතුටුයි කියලා නිම කරන්න බැරි තරම් සතුටුයි.

මේ කාල සීමාව තුල සිදු වු වෙනස්ම සිදුවීම තමයි අප අතර සිටින විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් හදුනාගන්න ලැබිම. ඔවුන්ගේ ඒ විශේෂ හැකියාවන් සහ අපේ batch එකේ අනෙක් අයගෙ මහන්සිය තමයි අපේ පිරිත් පිංකම මෙච්චර ලස්සන කරන්න ඉවහල් වුනේ. ඔවුන් තුල තිබුණ සැගවුණු කුසලතාවයන් මොනවද කියලා මම අමුතුවෙන් කියන්න ඔනේ නෑ අපේ පිරිත් පිංකටම සහභාගි වු සැමට ඒ දේ දෙනෙතින් දකින්න ලැබුණා.


අපි camps ජිවිතය ආරම්භ කරලා දැනට මාස 8 වඩා වැඩියි මේ මාස 8 තුල අපි එක පවුලක දරුවන් මෙන් ජිවත් වුණා. අපට විවිධ ප්‍රශ්ණ වලට මුහුණ පාන්න සිදුවුණා.අපි batch එකක් විධියට හැම ප්‍රශ්ණයකටම මුහුණ දුන්නා. batch එකක් විධියට අපි එකට සිටිය නිසා තමයි අපට අපේ පිරිත මේ විධියට කරන්න ලැබුණේ. ඉතින් අපි ඉස්සරහටත් මේ විදියටම ඉමුයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.

සමරනායක සර් නිර්මාණය කරපු UCSC එක අද වන විය කොළඔ විශ්ව විද්‍යාලයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේම මුතු කැටය වී හමාරයි. ඒ අමරණිය නාමය අපි ඉදිරියටත් රැකගමු.



අපේ batch එක(2009/2012)

Monday, April 12, 2010

සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ රට බීම


ඔන්න ඉතින් අපටත් නොදැනිම මාස දින පැය මිනිත්තු තත්පර ගෙවි යමින් මේ අවුරුද්දෙත් බක් මාසය පැමිණිලා.ඒ බව අවට පරිසරය අප හට මනාව කියා පානවා.එරබදු මල් පිපිලා කොකිල නාදයෙන් මුළු පරිසරයම සංගීතවත් වෙලා.මුළු පරිසරයම සිංහල හින්දු අලුත් අවුරුද්දට සැරසිලා.පරිසරය මේ විදියට වෙනස් වෙද්දි අපේ කට්ටියත් මේ දවස් වල හරි හරිය‍ට අලුත් අවුරුද්ද‍ට සුදානම් වෙනවා.හැම ගෙදරකම තෙල් තාච්චිය ලිපේ.කැවුම් කොකිස් වැනි රස කැවිලි පිරිලා.ඒ වාගේම ගෙවල් දෙරවල් සුද්ද පවිත්‍ර කරනවා වැඩ ගොඩයි.කට්ටිය හරිම කාර්ය බහුලයි.අලුත් අවුරුද්දට කලින් ගෙදර දෙරේ වැඩ ඉවර කරන්න කට්ටිය එකමුතුව එකා වන්ව වැඩ.සමහර විට සමහර පවුල් වල සි‍යළු සාමාජිකයන් එකට එකතු වෙන්නෙත් අලුත් අවුරුද්ද‍ට.ඉතින් ඔන්න ඔහොම තමයි ‍මේ දවස් වල බොහොමයක් ගෙවල් වල තත්වේ.

මම දැන් මේ සැරසෙන්නේ මෙච්චර වේලා කරපු කථාව ටිකක් වෙනස් පැත්තකට අරන් යන්න.සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ සාම්ප්‍රදායික උත්සවයක්.මේ උත්සවසට දීර්ග ඉතිහාසයක් තියනවා.ඒ වගේම සිංහල සහ හින්දු වැසියන්ට අනන්‍ය බොහොම වැදගත් උත්සවයක්. මම හිතන විදියට මේ උත්සව‍ය නිර්මාණය වේලා තියෙන්නේ ‍‍‍‍‍‍සාමය,සතුට යන වචන දෙකට පැහැදිලි අර්ථයක් ලබා දිමට.සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ මෙකක්ද කියලා හරියට තෙරුම් අරන් මේ උත්සවය සැමරුවොත් මම ඉහත කියපු වචන දෙකට නිසැකවම ක්‍රියාවෙන් නිවැරදි අර්ථ කථනයක් දෙන්න හැකි වෙනවා නොවනු මානයි.

නමුත් අද අප රටේ තිබෙන සමාජ තත්වයත් එක්ක නියම අයුරින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනවද යන ප්‍රශ්ණය මතුවෙනවා. අපේ පැරණි සංස්කෘතිය සහ උරුමයන් ර‍ට බීම(මත් පැන්)නිසා විනාශ මුඛයට ඇද වැටිලා.අද අපේ පිරිමි පාර්ශවයට මත් පැන් නැත් නම් අවුරුදුත් නෑ.නමුත් ඔය අතරේ ඉතා සුළු පිරිසක් මත් පැන් වලින් තොර ලෝකයක් නිර්මාණය කරගෙන තිබෙනවා.මෙවැනි සුළු පිරිසක් හරි ඉතිරි වෙලා ඉන්න එක නම් ලොකු දෙයක් මේ යන විදියට.ඔය අතරේ තියන කනගාටු දායක සිද්දිය නම් නාගරික පරිසරයේ ජිවත් වන කාන්තාවන්ගෙන් සුළු පිරිසක් මේ ජහජරාව බිමට පුරුදුව සිටිමයි.මම මේ කථාව නම් කිව්වේ නොකියාම බැරි නිසා.එමෙන්ම අලුත් අවුරුද්දේ ගෙදරට ‍එන අයට අද අපේ අය සංග්‍රහ කරන්නේ කැවුම් කිරිබත් වලින් නොව මත් පැන් වලින්(පිරිමි පාර්ශවයට).මෙවැනි සමාජ පසුබිමක,අප රට තුල මම ඉහත සදහන් කල අර්ථය සිංහල හින්දු අලුත් අවුරුද්දට ලැබෙනවාද ?.මෙහෙම වෙන්න හේතුව නම් පැහැදිලි කරන්න ම‍ට තේරෙන්නේ නෑ.නමුත් මෙය අපේ මිනිසුන්ගේ ලොකු දුර්වල තාවයක්.මේ වැරද්ද හදන්න අ‍ප‍ට පුළුවන් ද යන්න නම් ම‍ට ප්‍රශ්ණයක්.නමුත් වැරද්දක් ඇති බව පෙන්නා දෙන්න පුළුවන්.ඒ වැරද්ද හදා ගන්න එක තම තමන්ගේ වැඩක්.මේ වැරද්ද හදා ගැනිමෙන් මතින් තෙර සාමය සතුට පිරි සුහ අලුත් අවුරුද්දක් සමරන්නට හැකිවනු නොවනුමානයි.

ඉතින් මම මේ සදහන් කලේ මගේ අදහස.මේ පිළිපද ඔ‍බේ අදහස මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඔබ‍ටත් පුළුවන් ඔබේ අදහස පහත සදහන් කරන්න.

අප්‍රේල් මස 14 වන දින පුර්ව භාග 6.58 ට සුභ මෙහොතින් උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ‍ඔබ සැම‍ට සාමය සතු‍‍ට පිරි ‍‍සෞභාගියමත් සුභම සුභ අලුත් අවුරුද්ද වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

Sunday, April 4, 2010

නෙත පින වන සොභාදහම











ඉහත ඡායාරූප පෙළ ඔබ නරබන්න ඇති නේ. ඇත්තටම සුන්දර දසුන් පෙළක්. මම නම් මේ දසුන් පෙළ සියැසින් දුටුවා. මේ දසුන් පෙළ එතරම්ම සුන්දර නිසා ඔබටත් දැක ගන්න blog එකට දාන්න ඔනි කියලා මට හිතුනා. පසුගිය vacation එකේ මමයි තව මගේ යාළුවෝ 3 න්දෙනෙකුයි (අසංක, නිසල, ගිහාන්) ගියා පොඩි චාරිකාවක්. ඇත්ත‍ටම මේක පොඩියි කිව්වට පොඩිමත් නෑ. හරි මම කියන්නම්කො ඒ කොහෙද කියල. මේම ස්ථානය ‍බෞද්ධයන්‍ට නම් පුදබිමක්, මුළු ලොවම පුරාම ප්‍රසිද්ධ සුන්දර පරිසර‍යක් හිමි ප්‍රදේශයක් (ඒ බව නම් ඡායාරූප දුටුවම මනාව දැකගන්න පුළුවන්) ඒ වගේම වැදගත්ම කාරනය නම් , මෙම ස්ථානය බුදුන් වැඩි පුදබිමක්. ඇත්තටම මම මේ කියන්න යන්නේ ශ්‍රීපාදස්ථානය ගැනයි. ශ්‍රිපාද කඳු වැටිය තරනය කර ඉහල සිට නැරබු විට දර්ශණය වන පරිසරය තමයි ඉහත ඡායාරූප වලින් දැක්වෙන්නේ. මට නම් හැගෙන්නේ මේ පරිසරය ස්භාවධර්මයා විසින් අප රටට දායාද කල අපූරු දායාදයක් බවයි. මේ අපූරු දායාදය රැක ගන්න එක අපේ වගකීමක්. නමුත් අද වන විට ශ්‍රීපාදස්ථානය වන්දනා කරන්න යන බොහෝ බැතිමතුන් අතින් ඔය කියන වගකීම ඉටුවන්නේ නෑ. ඇත්තටම එය කනගාටු දායක සිද්දියක්. මේ උරුමය අපේ අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අද අපේ යුතුකමයි. ඉතින් ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන්න ඔබත් වගබලා ගනියි කියලා මම හිතනවා. නිසැකයෙන්ම එය අපේ යුතුකමක් හා වගකීමක් බව නම් කිසිවිටෙකත් අමතක නොකරන්න. අපි අපේ සැබැ ජිවිතයේ පණ මෙන් රැකගන්නට උත්සහ කරන බොහෝ දේ ඇත එමෙන්ම මේ සුන්දර පරිසරයත් අපි අපේ පණ මෙන් රැක ගනිමු.

Monday, March 15, 2010

සරසවියෙන් උරුම වු නිදහස



පුංචිකාලේ නම්
පුංචි නිදහසක් තිබුණා
මොනවා කලත් අම්මයි තාත්තයි ඒ දෙස බලා උන්නා
ටිකෙන් ටික මුහුකුරා යන විට
අම්මයි තාත්තයි අප දෙස විමසිල්ලෙන් බලා උන්නා
ඒ අපේ ක්‍රියාකාරකම් දෙස
පුංචි නිදහස තවත් පුංචි වුණා...........

අපටත් නෙදැනිම
කාලය ගෙවිගෙන යන විට
අපි අපේ ජිවිතයේ සුන්දර කඩඉමට පාතබලා
යොවුන් විය නම් වු ඒ සුන්දර කඩඉම
නිදහස නම් වු කැදැල්ල
සොයා පියබන්නට සැරසෙයි
සීමා මයිම් වැට කඩුලු එමටයි
මේ සීමා මයිම් වැට කඩුලු බිදින්නට ඇති ශක්තිය නම් අල්පයි
නමුත් කාලය ගෙවි ගොසින්
අපටත් නොදැනිම ඒ ශක්තිය ලැබිලා
සරසවි සිහිනය නම් වු ශක්තිය
සියලු සීමා මයිම් වැට කඩුලු බිද අවසන්
බලාපොරොත්තු නොවු මොහොතක ලැබුණු
මේ අසීමිත නිදහස
අසීමිතයි.........

ඉතින්
සරසවියෙන් උරුම වු
අසීමිත නිදහසින්
ලබාගමු අත්දැකීම්
ගොඩනගන්නට ජිවිතය
ශක්තිමත්ව.....................








Tuesday, March 2, 2010

බොරුව.......................

මේ ගැන ලියන්න හිතුවේ අපි හැමොම මේ ප්‍රශ්ණයට මුහුණ දෙන නිසා. අනෙක් කාරනය නම් මේ ගැන blog එකේ ලියන්න කියල මගේ හිත මට ම බල කල නිසා, මම හිතන විධියට තව කෙනෙකු හො පිරිසක් රැවටිම බොරුව කියලා සරලව හඳුන් වන්න පුලුවන්. තවත් විදියකට කියනවා නම් මේ ගැන, බොරුවට සීමාවක් නෑ එක් බොරුවක් වහන්න තවත් බොරු සීයක් විතර කියන්න හො කරන්න වෙයි . එවාගේම ඔය බොරු සීයය වහන්න තව බොරු කියක් කියන්න වෙයි ද ?... කාටද කියන්න පුළුවන් එත් තවත් වැදගත් කාරනයක් තියනවා එය නම් බොරුවට තියෙන ආයුෂ හරි අඩුයි මේ ගැන තවත් පැහැදිලිව කියනවා නම් බොරුවට පැවැත්මක් නෑ එය යම් ප්‍රශ්ණයකට තාවකිලික විසදුමක් වෙන්න පුලුවන් නමුත් එය කවමදාකවත් සදාකිලික නම් වෙන්නේ නෑ ඒකතමයි පිළිගතයුතු සත්‍ය. බොරුවෙන් තව අයෙකු රවටනවා කියන එකතරා විදියක පාප කර්මයක්. කවුරුන් හො මේ පාප කර්මය කලහොත් ඔහුට හො ඇයට සදාකාලිකව හදවතින් දුක් විදින්න වෙවි. මම නම් හිතන විදියට, බොරුවෙන් තව කෙනෙකු හො පිරිසක් රවටනවාට වඩා සත්‍යට මුහුණ දෙන එක සුදුසු බවයි. එය සත්‍යට ගරු කරන සියලු දෙනා පිළිගන්නා කරුනුකි. ඔබත් බොරුවෙන් තව අයෙකු රවටන්න සිතනවා නම් ඒ ගැන සිය දහස් වාරයක් සිතන්න. නැති නම් එය ඔබට සදාකාලික දුකක් වෙවි.

Monday, February 22, 2010

හිතට නොවැටහුණ ආදරය


සොයා ගියා
හිතට දැනුණ හැගුන දේ
හිතට නම් වැටහුණේ නෑ ඒ කුමක්ද කියා
කාන්තාරයේ අතරමන් වුවෙකු මිරිගුවක් පසු පස යන්නාක් මෙන්
හිතද සොයා ගියා ඒ දේ
නොලැබුණාම තමයි දැනුණේ
ඒ සොයා ගියේ
ආදරය බව
.........

Sunday, February 14, 2010

අපේ batch trip එක ??..........

අපි මිට මාස 6 කට පෙර අපේ camps life ආරම්භ කලා . ඉතින් ඒ ජිවිතෙ සුන්දර අවස්ථාවක් තමා batch trip එක කියන්නේ. මේ දවස උදා වන තුරු අපේ කට්ටිය නොඉවසිලෙන් බලා සිටියා. ඉතින් ඒ සුන්දර දවස උදා වුණා. අපි තිරනය කරලා තිබුණු විධියට අපි අපේ ගමන ආරම්භ කලා ඒ පේරදෙනිය විශ්ව විද්‍යාලය හරහා හන්තාන කන්ද තරනය කිරිමට.

නමුත් එදින අපිට කිසිදාක නොවිදි සිද්ධි වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපට සොඳුරු වු ඒ දවස පේරාදෙනිය විශ්ව විද්‍යලයේ සිටින අන්තරය නැමැති ජෙප්පලා කණ්ඩායම විසින් උන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විනාශ කලා.

අපි එදින අපේ චාරිකාව යොදා ගත්තේ අපේ විනෝදය පිණිස මිස පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අන්තරයේ ජේප්පන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකිරිමට නොවෙයි. නමුත් අපි ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනිමට කිසි සේත් එකඟ නොවු බැවින් උන් අපේ එක් බස් රථයක් අත් අඩංගුවට ගනු ලැබුවා. මමත් මෙම බස් රථයේ සිටි එක් අයෙක් වෙමි. මෙම බස් රථය තුල අපේ කොල්ලෝ කෙල්ලෝ 68 ක් පමණ සිටියා. උන් අපේ කොල්ලන්ට සහ කෙල්ලන්ට අමානුෂික ලෙස සලකනු ලැබුවා. උන් අපේ කොල්ලන්ට අමානුෂික විදියට පහර දුන්නා. අපේ කෙල්ලන්ට අමානුෂික ලෙස කුණුහරුප වලින් බැන වැදුනා. මේකද පේරාදෙනිය විශ්ව විද්‍යලයේ සංස්කෘතිය?.

පේරාදනියේ අන්තරේ එඋන් දන්නේ නෑ තමන්ගෙ සහෝදර සහෝදරියන්ට සලකන්න. එදා උන් හැසිරුනේ තමන්ටත් අම්මෙක් තාත්තෙක් සහෝදර සහෝදරියන් නැති ගානට. උන්ට ආත්මයක් නැ උන් බොරුවෙන් අන්ධ වෙලා දේශපාලන පක්ෂවලට කඩේ යනවා. උන් දේශපාලනයි අධ්‍යාපනයි පටලවා ගෙන. ඔකෙන් උන්ට වෙන්නේ සදාකලිකව හන්තාන කඳු අතරේ අඳුරු පරිසරයේ තම වටිනා ජිවිතය ගෙවා දමන්නටයි.





Friday, February 5, 2010

අහිමි සෙනෙහස




















සෙනෙහස මෝරනවා සිත තුල

සිත තුල මැවේනා ඒ රුව දැක

දළුලනවා ආලය සිත තුල

හොර රහසින් ඒ රුව හට


හදවත තුල හට ගත් ආලය
සඟවා ගත හැකි මුත් මුවින්
දැසටද මුව විය හැකි වුවා නම්
සඟවා ගන් නට තිබුනා ඒ ආලය

පැරදුනු හදවත තනි කරදමා
ඔබ ගිය දුර බෙහෝ දුරයි
ඒ හදවත තවමත් බලා හිදි
ලබන්නට ඔබේ සෙනෙහස

Wednesday, February 3, 2010

මිතුදම



















අකුරු හතරක පදයක්
සොඳුරු අර්ථවත් වදනක්
හමුවිම නම් වු පාලමෙන් යාවෙන
අවබෝධය නම් වු පාදමෙන් ශක්තිමත්
විශ්වාසය නම් වු දම් වැලෙන් බැඳි පවතින
සුන්දර හැඟුමක්
මේ සියල්ල එක්වි නිර්මාණය වු මේ හැඟුම
හදවත නම් වු පවුරෙහි
කෑටයම් කල විට
එයට නියම අරුතක් ලෑබේ...............

Friday, January 22, 2010

විමසන්න මේ ගැනත්.....






















ජිවිත
සංසාරය නම් වු දම්වැලේ එක් පුරුකකි
අප සැමට ලැබේන සුන්දර නවාතැනකි
එය තාවකාලිකය , අස්ථිරය
නමුත් යම් දිනක මේ තාවකාලික නවාතැන හැර දමා යායුතු වේ
වෙනස් කල නොහැකි පොදු සත්‍යකි
අන් කිසිවක් නොමැත කරන්නට
සිප ගන්නවා හැරෙන්නට ඒ සත්‍ය...........

මේ නවාතැන තුල විදින්න , විදවන්න ලැබෙන දේ අපමනයි
ප්‍රිය මෙන්ම අප්‍රිය බොහෝ දේ
දෑසින් දකින්නටත් දෙසවනින් අසන්නටත් ලැබේ
නමුත් අප බොහෝ විට ප්‍රිය දේ ගැන පමණක් විමසයි
අප නොසිතන අප අකමැති බොහෝ දේ තුල ඉගෙන ගන්නට ඇති දේ අපමනයි
මනසට ඉඩ නොදි ප්‍රථම‍යෙන් බුද්ධියට ඉඩ දෙන්න
විමසන්න ඒ ගැනත්
නිසැකවම ඒ තුලින් අපට ජිවිතය නම් වු සෙවනැල්ල කුමක්ද යන වග යම් තරමකින් ‍‍හෝ වැටහෙනු නියතයි
ගතවන සැම නිමේසයක්ම මිල කල නොහැකි තරම් වටි
ගත වන සෑම නිමේසයකම බුද්ධියට ඉඩ දෙන්න විමසන්න ජිවිතය ගැන
ජය ගන්න ජිවිතය ...............