Pages

Monday, October 7, 2013

අපි කියවන ඒ පොත ජිවිතයද .......



වේගයෙන් කාලය ගෙවිලා යනවා.
ඒ කාලයත් සමග පොතක පිටු පෙරලෙනවා.
ඒ පොතේ පිටු  අතර බොහෝ රහස්  සැගවිල තියන බව නම්  රහසක් නොවේ.
ඒ සැගවුනු රහස් සොයා යනවා මොහොතින් මොහොත.
ඒ පොතේ පිටු පෙරලමින්.
ඒ එකතු කරගත්ත  රහස් වලින් අතීතය නිර්මාණය වෙනවා.
ඒ අතීතය හොද හෝ නරක වෙන්න පුළුවන්.
ඒ අතීතය හොදද නරකද කියලා තීරනය කරන්නේ.
ඒ පෙරලපු පිටු අතර සැගවිලා තිබුණ.
ඒ රහස්ම තමයි.
ඒ හොද හෝ නරක අතීතය අවසානයේ බාරගන්න වෙනවා .
ඒ අතීතය ජිවිතයේ සෙවනැල්ල නිසා.
අතීතයක් හදන්න පිටු ගණන වත් හරියට නොදන්න  පොතක පිටු අතර සැගවුණ රහස් සොයා යන ගමනද  ජිවීතය කියන්නේ.........

Friday, October 22, 2010

විසිපස් වසරක අභිමානය


විද්‍යාජෝති මහචාර්ය වි.කේ සමරනායකන්ගේ මුලිකත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලය තුල පරිගණක අධ්‍යාපන කටයුතු ආරම්භ කර වසර 25 පිරීම නිමිත්තෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය(UCSC) සංවිධානය කරන ifo++ (ideas:free and open) තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 28,29 සහ 30 යන දිනවල කොලඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතන භූමි පරිශ්‍රයේදී පැවැත්විමට නියමිතව ඇත.

ifo++ තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ෂණ‍ය තුලින්
සමග තවත් ‍‍බොහොදේ පුරා දින 3 ක් පෙ‍.ව 9.00 සි‍ට ප.ව 8.00 දක්වා කොලඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතන භූමි පරිශ්‍රයේදී.

තොරතුරු තාක්ෂණ පිළිබදව ඔ‍‍බේ දැනු‍ම පුළුල් කර ගැනිම‍ට මෙය ඔබට හොද අවස්ථාවක් වනු ඇත.

වැඩිවිස්තර සදහා පිවිසෙන්න
www.ifo.ucsc.lk වෙත

Friday, September 10, 2010

දගකාර සිත

දගකාර කමට
යෞවනත්වයට
සිහින දැක්කත්
සිත දන්නේ නැ ඒ බව
බයෙන් චකිතයෙන් වේව්ලන
අකීකරු සිතට
නිමක් නැති සිහින දකින්නට
නැත කාලයක්
විටෙක සිත දන්නෙත් නැ ඒ සිහින බව
ඒ සිහින එතරම්ම
සුන්දර නිසා
සිහින සුන්දර නිසා ද
බොද වී යන්නේ
අපට නොදැනිම
සිත දගකාර නිසා ද
............


Wednesday, July 21, 2010

‍මතක ස‍‍ට‍‍හන්

සැහෙන දවසකින් blog එකේ මොකුත් ‍ලි‍යන්න බැරි වුණා. අද නම් ඒ සදහා වේලාවක් ‍ලැබුණා. EXAM, ASSIGNMENT ඉවර කරලා ගොඩක් සැහැල්ලුවෙන් තම දැන් නම් ඉන්නේ ඔන්න ඉතින් දන්නෙම නැතු‍ව විශ්ව විද්‍යාල ජ්විත‍ය අරඹා වසරකුත් ගෙවිලා. ඇත්ත‍‍ටම කියනවා නම් ‍‍විශ්ව විද්‍යාල ජ්විත‍ය අවුරුද්දකින් පරණ වෙලා. ජිවිත‍ය අවුරුද්ද කින් පරණ වුණා ඒ කියන්නේ ඉතින් වයසට ගියා කි‍යන එක නේ තව විදියක‍ට කි‍යනව නම් ඉතින් ජිවිතය පරිණත වෙලා මේ වසරක කාලය තුල ජිවිතයට ‍ලැබුණ දේ නොලැබුණ දේ‍ට වඩා ‍බොහෝමයි. මීට වසරක‍ට පමණ පෙර අප විශ්ව විද්‍යා‍ල ජිවිතය ආරම්භ කරන වි‍‍ට අප ගතකල ජිවිතව සහ අද අප ගත කරන ජිවිතයේ වෙනස ඔබ‍ට මේ කාලය තුල දැනෙන්න‍‍ට ඇති. මේ වසර තුල ගතකල කාලය කොතරම් කටුක වුවත් මේ කාලය තුල ‍ලැබුණු අත්දැකි‍ම් නම් හරිම සුන්දරයි. ඒ අත්දැකිම් ඒ සුන්දර මතක සටහන් සදාකාලිකව අපේ ජිවිතයේ අනාගතයත්, අතිතයත් වනු ඇත. මතකය අවදිකර මතකයන් අතර සුන්දරම මතකය හොයන්න මම උත්සහ කලා නමුත් ඒ මතකයන් හැම එකම වෙන් කල නොහැකි තරම‍ට සුන්දරයි කියලා ම‍ට තේරුනේ එතකොටයි ඒත් මතක‍‍‍යන්‍ මතකයක් ලෙසම අමතක කරනවාට වඩා පැහැබර අනාගතයක් වෙනු වෙන් යොදා ගන්නට හැකිනම් සුන්දර වු මතකයන්‍ට වටිනාකමක් දෙන්න අප‍ට පුළුවන් වනු නිසැකයි.

මේ කාල‍ය තු‍ල හරි ගිය තැන් මෙන්ම වැරදුණ තැන්ද එමටයි තව දින කිපයකින් දෙවන වසර අධ්‍යන කටයුතු අරඹන්න බලාපොරොත්තු වන අපහට හරි ගිය තැන් මෙන්ම වැරදුණ තැන්ද මතකයේ තබා ගන්න‍ට හැකිනම් ගෙවුණ වසරට වඩා පැමි‍ණේන වසර සාර්ථක කරගන්න හැකිවනු නියතයි.

Friday, May 7, 2010

Ubuntu වල Empathy

මොකද්ද මේ Ubuntu වල Empathy කියන්නේ. අපි සාමාන්‍යයෙන් chat කරන්න Google talk එහෙම නැත්නම් Facebook chat එක යොදා ගන්නවා.අපි windows වල දි නම් Google talk මෘදුකාන්ගය install කරලා තමයි Google talk chat කරන්නේ.Facebook chat එකට නම් සාමාන්‍යය පරිදි Facebook log වෙන්න ඕනේ.

Ubuntu වල දි නම් chat කරන්න මෘදුකාන්ගයක් install කරන්න ඕනේ නෑ ඒ සදහා මෘදුකාන්ගයක් Ubuntu වල තියෙනවා,Empathy කියලා හඳුන් වන්නේ ඒ මෘදුකාන්ගය තමයි. Ubuntu වලට Empathy install කරන්න ඕනේ නම් නෑ.පරිගණකය‍ට Ubuntu install කලාම Empathy ඉබේම install වෙන නිසා. මම දැනට පාවිච්චි කරලා තියෙන්නේ Ubuntu වල 9.04 9.1o 10.04 යන කාණ්ඩයන් විතරයි.ඉතින් මේ කාණ්ඩයන් තුනේ නම් Empathy තියනවා කියලා දන්නවා නමුත් Ubuntu වල අනෙක් කාණ්ඩයන් ගැන නම් දන්නේ නෑ. Ubuntu 9.04 සහ 9.10 වල Empathy වල නම් තියෙන්නේ Google talk විතරයි. නමුත් මේ ඊයේ පෙරේදා හඳුන්වා දුන්න Ubuntu 10.04 වල Empathy වල නම් අනෙක් කාණ්ඩයන් වලට වඩා දියුණු කරලා තියෙනවා. මොකද Google talk වලට අමතරව chat කරන්න පුළුවන් තවත් විදි තියෙනවා. තවත් විශේෂ දෙයක් තියෙනවා සදහන් කරන්න ඒ තමයි Facebook log නොවි Facebook chat කරන්න පුළුවන් වීම.

මම දැන් කියන්න යන්නේ Ubuntu වල Empathy ක්‍රියාත්මක කරකන්නේ කොහොමද කියලා.

මුලින්ම කරන්න ඕනේ Application >>Internet >>Empathy තෝරන්න
පහත පියවර අනුගමනය කරන්න



පළමු පියවර

දෙවන පියවර

මෙම පියවරෙදි chat කිරිම‍ට ඔබ භාවිත ක‍රන ගිණුම තොරන්න උද: Gtalk,Facebook



තෙවන පියවර
මෙම පි‍යවරේ දී ඔබ භාවිත කරන ගිණුමේ හදුනා ගැනීමේ නම සහ රහස් අංකය ඇතුලත් කරන්න


හතරවන පියවර

මෙම පි‍යවරේ දී ඔබේ ‍පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන්න


පස්වන පියවර
මෙලෙස chat තොරන්න



එවිට මෙලෙස ඔබේ පරිගණක තිරයේ contact list එක දිස්වේ.

මම මෙහි සදහන් කලේ Empathy chat කරන්නේ කොහොමද කියලා විතරයි.මේ වගේම ඔබට පැමිණෙන Email බලන්න පුළුවන් පහසුකම් Empathy තියෙනවා.
ඔබත් අත්විදලා බලන්න Ubuntu තියෙන මේ පහසුකම.


Saturday, April 24, 2010

අපි සහ අපේ පිරිත

අපේ පිරිත ගැන blog එකේ ලියන්න හිතන් හිටියේ සැහෙන දවසක ඉදන්. එත් පසු ගිය දවස් වල ඒ සදහා හරි හැටි වේලාවක් ලැබුණේ නෑ. එත් අද නම් මම මේ මුල පුරන්නේ අපේ පිරිත් පින්කම ගැන සටහනක් blog එකේ තබන්නයි. අපි පිරිතේ වැඩ මිට මාස දෙකකට විතර කලින් තමයි පටන් ගත්තේ. අපේ batch එකේ කට්ටිය මේ කටයුත්ත සාර්ථක කරගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කලා. ඒ මහන්සියේ ප්‍රථිඵල අපට පසු ගිය 22 වෙනිදා රාත්‍රියේ ලැබුණා. ඇත්තටම කියන්න බැරිතරම් සතුටක් හිතට දැනේනවා. ඇත්තටම 23 වෙනිදා උදේ පිරිතේ සියලු වැඩ ඉවර වුණාට පස්සේ මගේ දෙනෙතට කදුළු ඉනුවා මොකද අපි batch එකක් විදියට එකට එකතුවෙලා සංවිධානය කරපු පිරිත් පිංකම අති සාර්ථකව අවසන් කරන්න ලැබුණ නිසා. මට නම් ඒ දවස මගේ ජිවිතයේ අමතක නොවන දවසක් මොකද ඒ දවස මම සහ මගේ batch එකේ අය ගොඩක් සතුටු වු දවසක් බැවින්.

"සමගිය බලය වේ" කියලා පැරණි කථාවක් තියෙනව නේ ඇත්තටම මට නම් හිතෙන්නේ මේ පැරණි වදනට අපි නියම අරුතක් දුන්නයි කියලයි. මොකද අපේ batch එක ඇතුලේ සමගිය තිබුණේ නැත්නම් මේච්චර ලොකු වැඩක් මෙච්චර ලස්සනය අපට කරන්න වෙන්නේ නෑ. පුංචිම පුංචි සතුන් පිරිසක් වන වේයන් එකමුතුව, සමගිව ගුලක් නිර්මාණය කරනවා මෙන් අපිත් පිරිතේ වැඩ එකා මෙන් එක්ව එකමුතුව අවසන් කලා. ඇත්තටම සතුටුයි කියලා නිම කරන්න බැරි තරම් සතුටුයි.

මේ කාල සීමාව තුල සිදු වු වෙනස්ම සිදුවීම තමයි අප අතර සිටින විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් හදුනාගන්න ලැබිම. ඔවුන්ගේ ඒ විශේෂ හැකියාවන් සහ අපේ batch එකේ අනෙක් අයගෙ මහන්සිය තමයි අපේ පිරිත් පිංකම මෙච්චර ලස්සන කරන්න ඉවහල් වුනේ. ඔවුන් තුල තිබුණ සැගවුණු කුසලතාවයන් මොනවද කියලා මම අමුතුවෙන් කියන්න ඔනේ නෑ අපේ පිරිත් පිංකටම සහභාගි වු සැමට ඒ දේ දෙනෙතින් දකින්න ලැබුණා.


අපි camps ජිවිතය ආරම්භ කරලා දැනට මාස 8 වඩා වැඩියි මේ මාස 8 තුල අපි එක පවුලක දරුවන් මෙන් ජිවත් වුණා. අපට විවිධ ප්‍රශ්ණ වලට මුහුණ පාන්න සිදුවුණා.අපි batch එකක් විධියට හැම ප්‍රශ්ණයකටම මුහුණ දුන්නා. batch එකක් විධියට අපි එකට සිටිය නිසා තමයි අපට අපේ පිරිත මේ විධියට කරන්න ලැබුණේ. ඉතින් අපි ඉස්සරහටත් මේ විදියටම ඉමුයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.

සමරනායක සර් නිර්මාණය කරපු UCSC එක අද වන විය කොළඔ විශ්ව විද්‍යාලයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේම මුතු කැටය වී හමාරයි. ඒ අමරණිය නාමය අපි ඉදිරියටත් රැකගමු.



අපේ batch එක(2009/2012)

Monday, April 12, 2010

සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ රට බීම


ඔන්න ඉතින් අපටත් නොදැනිම මාස දින පැය මිනිත්තු තත්පර ගෙවි යමින් මේ අවුරුද්දෙත් බක් මාසය පැමිණිලා.ඒ බව අවට පරිසරය අප හට මනාව කියා පානවා.එරබදු මල් පිපිලා කොකිල නාදයෙන් මුළු පරිසරයම සංගීතවත් වෙලා.මුළු පරිසරයම සිංහල හින්දු අලුත් අවුරුද්දට සැරසිලා.පරිසරය මේ විදියට වෙනස් වෙද්දි අපේ කට්ටියත් මේ දවස් වල හරි හරිය‍ට අලුත් අවුරුද්ද‍ට සුදානම් වෙනවා.හැම ගෙදරකම තෙල් තාච්චිය ලිපේ.කැවුම් කොකිස් වැනි රස කැවිලි පිරිලා.ඒ වාගේම ගෙවල් දෙරවල් සුද්ද පවිත්‍ර කරනවා වැඩ ගොඩයි.කට්ටිය හරිම කාර්ය බහුලයි.අලුත් අවුරුද්දට කලින් ගෙදර දෙරේ වැඩ ඉවර කරන්න කට්ටිය එකමුතුව එකා වන්ව වැඩ.සමහර විට සමහර පවුල් වල සි‍යළු සාමාජිකයන් එකට එකතු වෙන්නෙත් අලුත් අවුරුද්ද‍ට.ඉතින් ඔන්න ඔහොම තමයි ‍මේ දවස් වල බොහොමයක් ගෙවල් වල තත්වේ.

මම දැන් මේ සැරසෙන්නේ මෙච්චර වේලා කරපු කථාව ටිකක් වෙනස් පැත්තකට අරන් යන්න.සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ සාම්ප්‍රදායික උත්සවයක්.මේ උත්සවසට දීර්ග ඉතිහාසයක් තියනවා.ඒ වගේම සිංහල සහ හින්දු වැසියන්ට අනන්‍ය බොහොම වැදගත් උත්සවයක්. මම හිතන විදියට මේ උත්සව‍ය නිර්මාණය වේලා තියෙන්නේ ‍‍‍‍‍‍සාමය,සතුට යන වචන දෙකට පැහැදිලි අර්ථයක් ලබා දිමට.සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ මෙකක්ද කියලා හරියට තෙරුම් අරන් මේ උත්සවය සැමරුවොත් මම ඉහත කියපු වචන දෙකට නිසැකවම ක්‍රියාවෙන් නිවැරදි අර්ථ කථනයක් දෙන්න හැකි වෙනවා නොවනු මානයි.

නමුත් අද අප රටේ තිබෙන සමාජ තත්වයත් එක්ක නියම අයුරින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනවද යන ප්‍රශ්ණය මතුවෙනවා. අපේ පැරණි සංස්කෘතිය සහ උරුමයන් ර‍ට බීම(මත් පැන්)නිසා විනාශ මුඛයට ඇද වැටිලා.අද අපේ පිරිමි පාර්ශවයට මත් පැන් නැත් නම් අවුරුදුත් නෑ.නමුත් ඔය අතරේ ඉතා සුළු පිරිසක් මත් පැන් වලින් තොර ලෝකයක් නිර්මාණය කරගෙන තිබෙනවා.මෙවැනි සුළු පිරිසක් හරි ඉතිරි වෙලා ඉන්න එක නම් ලොකු දෙයක් මේ යන විදියට.ඔය අතරේ තියන කනගාටු දායක සිද්දිය නම් නාගරික පරිසරයේ ජිවත් වන කාන්තාවන්ගෙන් සුළු පිරිසක් මේ ජහජරාව බිමට පුරුදුව සිටිමයි.මම මේ කථාව නම් කිව්වේ නොකියාම බැරි නිසා.එමෙන්ම අලුත් අවුරුද්දේ ගෙදරට ‍එන අයට අද අපේ අය සංග්‍රහ කරන්නේ කැවුම් කිරිබත් වලින් නොව මත් පැන් වලින්(පිරිමි පාර්ශවයට).මෙවැනි සමාජ පසුබිමක,අප රට තුල මම ඉහත සදහන් කල අර්ථය සිංහල හින්දු අලුත් අවුරුද්දට ලැබෙනවාද ?.මෙහෙම වෙන්න හේතුව නම් පැහැදිලි කරන්න ම‍ට තේරෙන්නේ නෑ.නමුත් මෙය අපේ මිනිසුන්ගේ ලොකු දුර්වල තාවයක්.මේ වැරද්ද හදන්න අ‍ප‍ට පුළුවන් ද යන්න නම් ම‍ට ප්‍රශ්ණයක්.නමුත් වැරද්දක් ඇති බව පෙන්නා දෙන්න පුළුවන්.ඒ වැරද්ද හදා ගන්න එක තම තමන්ගේ වැඩක්.මේ වැරද්ද හදා ගැනිමෙන් මතින් තෙර සාමය සතුට පිරි සුහ අලුත් අවුරුද්දක් සමරන්නට හැකිවනු නොවනුමානයි.

ඉතින් මම මේ සදහන් කලේ මගේ අදහස.මේ පිළිපද ඔ‍බේ අදහස මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඔබ‍ටත් පුළුවන් ඔබේ අදහස පහත සදහන් කරන්න.

අප්‍රේල් මස 14 වන දින පුර්ව භාග 6.58 ට සුභ මෙහොතින් උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ‍ඔබ සැම‍ට සාමය සතු‍‍ට පිරි ‍‍සෞභාගියමත් සුභම සුභ අලුත් අවුරුද්ද වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.